'ඔටෝ' කුණාටුවෙන් කොස්ටාරිකාවේ නවයක් මරුට

Costa Rica

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගංවතුරින් පීඩාවට පත් නිවැසියෙක්
Published

කොස්ටාරිකාව හරහා හමා ගිය 'ඔටෝ' කුණාටුව හේතුවෙන් පුද්ගලයන් නවදෙනෙකු මරණයට පත්වූ බව දැනගන්නට ඇතැයි එරට බලධාරීහු පවසති.

පසුගිය බ්‍රහස්පතින්දා (24) මධ්‍යම ඇමරිකාව වෙත හමා ආ එම කුණාටුව හේතුවෙන් කොස්ටාරිකාවේ පමණක් පන්දහස් පන්සියයක පිරිසක් අවතැන් වී සිටිති.

Costa Rica

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පාලම් සහ බෝක්කු කැඩී බිඳී යාමෙන් ගමනාගමනය අදාළ වී ඇත.

කොස්ටරිකා ජනාධිපති ලුයිස් ගුයිලර්මෝ සෝලිස් විසින් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි තුන්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති බවද වාර්තාවේ.

'ඔටෝ' කුණාටුව හේතුවෙන් උතුරුකොස්ටාරිකාවේ සහ දකුණු නිකරගුවාවේ ගංවතුර සහ නායයෑම් වාර්තාවූ අතර නිකරගුවාවේ නිවාස හයසියයක් විනාශයට පත්විය.

දෙවන ගණයට අයත් බවට සැලකෙන එම කුණාටුව කැරිබියානු මුහුදු තීරය වෙත හමා ආ අතර ප්‍රබලත්වය හීන වෙමින් බටහිර දෙසින් පිහිටි පැසිෆික් සාගරය වෙත ඇදී ගියේය.