ලක්ෂයකට වැඩි පිරිසක් 'හාමතේ මියයාමේ අවදානමක්'

Maiduguri has become the centre of aid efforts

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

නයිජීරියාවේ බොකෝහරාම් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය නිසා ලක්ෂයකට වැඩි ජනතාවක් කුසගින්නේ මියයාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

නයිජීරියානු හමුදාව විසින් කැරලිකරුවන්ගේ පාලනයේ පැවති විශාල ප්‍රදේශයක බලය යළි අත්පත්කරගෙන ඇති නමුත් පවතින අනාරක්ෂිත තත්වය හමුවේ ගොවීන්ට තම වගාවන් කරගෙනයාමේ හැකියාවක් නැති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානය පවසන ආකාරයට, මේ තත්වය යටතේ ලක්ෂ හැත්තෑවක ජනතාවක් සඳහා හදිසි මානවීය ආධාර අවශ්‍යව තිබේ.

එබැවින් අප්‍රිකාව අද මුහුණදෙන විශාලතම ව්‍යසනයෙන් මිදීමට සහයවීම පිණිස ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි ආධාර ලබාදෙන දෙස ද එක්සත් ජාතීන් ඉල්ලීමක් කරයි.

The UN says there is not enough money to fund the aid efforts

ඡායාරූප මූලාශ්‍රය, Reuters