කරච්චි ගින්නෙන් එකොළහක් මරුට

Published
කරච්චි නගරයේ සුඛෝපභෝගී හෝටලයක පැතිරගිය ගින්නකින් එකොළොස් දෙනකු මරණයට පත්වූ බව පකිස්තානයෙන් වාර්තා වෙයි.
එම ගින්නට ගොදුරුවීමෙන් තවත් හැත්තෑදෙනකුට අධික පිරිසක් තුවාල ලබා සිටිති.
'රීජන්ට් ප්ලාෂා' හෝටලයේ මුළුතැන්ගෙය තුළින් ආරම්භවී ඇති ගින්න මහල් හයකින් සමන්විත හෝටලය පුරා පැතිරගොස් ඇත.
හෝටලයේ ලැගුම්ගෙන සිටි අමුත්තන් ගින්නෙන් බේරීම සඳහා ඇඳ ඇතිරිලි ආදියෙන් සිරුරු වසා ගනිමින් කවුළු තුලින් පහළට බසින ආකාරය රූපවාහිනී පින්තූරවල දැක්වෙයි.

පිළිස්සීම්, දුමාරයට ගොදුරුවීම සහ සුළු තුවාල ලබා රෝහල්ගත කර සිටින පුද්ගලයන් අතර කරච්චි ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයන් තුන්දෙනකුත් සිටිති.
හෝටලය පුරා ගින්න පැතිර යමින් තිබියදී කවුළු වීදුරු බිඳහෙලමින් ඇඳමෙට්ට බිමට දමමින් කාමරවලින් පැනගත් ආකාරය දිවි ගලවාගත් පුද්ගලයෝ විස්තර කරති.























