ඉන්දියාවේ හිටපු ගුවන් හමුදාපති අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
ඉන්දියාවේ හිටපු ගුවන් හමුදාපතිවරයකු වන එස්පී ත්‍යාගි, අල්ලස් චෝදනා මත බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඉන්දීය ගුවන් හමුදාව සඳහා හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලදී ගත් අවස්ථාවේ ඉතාලියේ "ඔගස්ටා වෙස්ට්ලන්ඩ්" සමාගමට වාසිදායක වන අයුරින් අදාළ කොන්ත්‍රාත්තුව සකස් කිරීම පිණිස අල්ලස් ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එම හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් කෝටි පනස්පහකි.
හිටපු ගුවන් හමුදාපතිවරයාගේ ඥාතියකු ඇතුළු තවත් දෙදෙනෙකුද අදාළ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ගුවන් හමුදාපති එස්පී ත්‍යාගි තමන්ට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි.























