අචේ භූමිකම්පාවෙන් හතළිස්තුන් දහසකට උන්හිටිතැන් නැතිවේ

Indonesia

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවාස අහිමිවූවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ
Published

දෙසැම්බර් 7 වැනිදා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ සිදුවූ අධිබල භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් හතළිස්තුන් දහසකට උන්හිටිතැන් අහිමිවී ඇත.

එරට ආපදා සහනසේවා බලධාරීන් පවසන්නේ භූමිකම්පාවෙන් විනාශයටපත් දුෂ්කර ප්‍රදේශ වල මෙහෙයුම් කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින් නිවාස අහිමිවූවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

බදාදා උදෑසන සිදුවූ භූමිකම්පාවෙන් විනාශයට පත් ගොඩනැගිළිවලට යටවී අවමවශයෙන් පුද්ගලයන් සියදෙනෙකුවත් මරණයට පත්විය.

එසේම පෞද්ගලික නිවාස, මුස්ලිම් පල්ලි සහ පාසැල් ඇතුළු, ප්‍රබල කම්පන වලට ඔරොත්තු නොදෙන අකාරයෙන් තනා තිබූ ගොඩනැගිළි, එකොලොස් දහසක් පමණ විනාශවූ බව වාර්තාවේ.