සියවසකට පෙර නිකුත් කළ පොතක් යළි පුස්තකාලයට

The book

ඡායාරූප මූලාශ්‍රය, Hereford Cathedral School

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර එකසිය විස්සකට පසු යළි පුස්තකාලය වෙත බාර දෙනු ලැබූ ග්‍රන්ථය
Published

මෙයින් වසර එකසිය විස්සකට පෙර නිකුත් කරනු ලදුව ආපසු නොලද පොතක් යළි පාසල් පුස්තකාලයට බාර දීමේ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.

එංගලන්තයේ හියර්ෆොඩ් පාසලේ සිසුවකු වූ මහාචාර්ය ආතර් බෝයිකොට් විසින් අදාළ ග්‍රන්ථය පාසල් පුස්තකාලයෙන් ලබා ගෙන ඇත්තේ 1886 සහ 1894 කාල සීමාවේදීය.

'Microscope and its Revelations' නැමැති එම ග්‍රන්ථය රචනා කරනු ලැබ ඇත්තේ ආචාර්ය විලියම් බී කාපෙන්ටර් විසිනි.

වසර එකසිය විස්සකට පසු එම ග්‍රන්ථය මහාචාර්ය ආතර් බෝයිකොට් ගේ මිනිබිරියක වන ඇලිස් ජිලෙට් අතට පත්ව ඇති අතර ඇය එම පොත පාසල් පුස්තකාලය වෙත බාර දීමට පියවර ගත්තාය.

දිනකට පැන්ස 17 බැගින් අදාළ කාලය සඳහා ගෙවිය යුතු දඩ මුදල පවුම් 7,446 ක් (රුපියල් දාහතර ලක්ෂයකට ආසන්න මුදලකි) වන නමුත් ඒ සඳහා දඩ මුදලක් අය නොකිරීමට පාසල් බලධාරීහු කාරුණික වූහ.

Professor Arthur Boycott

ඡායාරූප මූලාශ්‍රය, Walter Stoneman/National Portrait Gallery

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ආතර් බෝයිකොට් කීර්තිමත් ස්වභාව විද්‍යාඥයකු මෙන්ම ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකි

ජිලෙට් මෙනෙවියට එම පොත හමු වී තිබෙන්නේ ඇයගේ සැමියාගේ අභාවයෙන් පසු නිවසේ තිබූ හයදහසක් පමණ වූ පොත් එකතුව පරීක්ෂා කරමින් සිටියදීය.

ඇය පොත හඳුනා ගෙන තිබෙනේ එහි වූ හියර්ෆොඩ් පාසල් පුස්තකාලයේ මුද්දරය මගිනි.

මහාචාර්ය ආතර් බෝයිකොට් කීර්තිමත් ස්වභාව විද්‍යාඥයකු මෙන්ම ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකි.