තුර්කිය: බෝම්බ ප්‍රහාරයකින් තිස් අටක් මරුට

Damaged vehicle seen after blast in Istanbul, Turkey, 10 December 2016.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

තුර්කියේ ඉස්තාම්බුල් නුවර පාපන්දු ක්‍රීඩාංගණයක් අසල සේවයේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් ඉලක්ක කොට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් තිස් අට දෙනෙකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

බෝම්බයක් සවි කළ මෝටර් රථයක් පොලිස් නිල රථයක ගැටී ඇති අතර ඒ සමග මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් විසින් බෝම්බයක් පුපුරවා හරිනු ලැබ ඇත.

ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගයක් අවසන් වී පැය දෙකකට පසු පිපිරීම් සිදු වී ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Forensic officers at the site where a car bomb exploded near the stadium of football club Besiktas in central Istanbul on December 10

ඡායාරූප මූලාශ්‍රය, AFP

කුර්දි සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරය සිදු කරනු ලැබ ඇතැයි මූලික පරීක්ෂණ හරහා පෙනෙන්නට ඇති බව තුර්කි ආණ්ඩුව පවසයි.

මරුමුවට පත් පිරිසෙන් තිස් දෙනෙකු පොලිස් නිලධාරීන්වන අතර ඉන් තුවාල ලැබූ තවත් එකසිය පනස් පස් දෙනෙකු රෝහල්ගත කර සිටින බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.