එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා දිව්රුම්දෙයි

අන්තෝන්යෝ ගුටෙරෙෂ් පෘතුගාලයේ හිටපු අගමැතිවරයාය
ඡායාරූප ශීර්ෂ වැකිය, අන්තෝන්යෝ ගුටෙරෙෂ් පෘතුගාලයේ හිටපු අගමැතිවරයාය
Published

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස අන්තෝන්යෝ ගුටෙරෙෂ් දිව්රුම් දුන්නේය.

වත්මන් මහලේකම් බන් කි මූන්ගෙන් පසු මීළඟ පස්වසර සඳහා ඔහු වැඩ භාරගන්නේ ජනවාරි පළමුවැනිදාය.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතමින් අන්තෝන්යෝ ගුටෙරෙෂ් කියා සිටියේ වැඩි කාර්යක්‍ෂමතාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බවය.

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස තේරී පත්වුණු අන්තෝන්යෝ ගුටෙරෙෂ් පෘතුගාලයේ හිටපු අගමැතිවරයාය.