පැල්මයිරා නගරය විනාශකරද්දී බටහිර නිහඬයි -අසාද්

Palmyra
ඡායාරූප ශීර්ෂ වැකිය, බටහිර ජනමාධ්‍ය සාමාන්‍ය වැසියන් පිලිබඳ කතාකළේ රජයේ මෙහෙයුම් ඉදිරියට ඇදෙන විට පමණක් බවයි ඔහු පවසන්නේ
Published

අලෙප්පෝ හි වෙසෙන සාමාන්‍ය වැසියන් පිලිබඳ සොයාබැලීමේ සැබෑ උවමනාවක් බටහිර රටවල්වලට නැතිබව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසයි.

බටහිර රටවල නිලධාරීන් සහ ජනමාධ්‍ය සාමාන්‍ය වැසියන් පිලිබඳ කතාකළේ අලෙප්පෝ නගරයේ දියත්කෙරුණු රජයේ මෙහෙයුම් ඉදිරියට ඇදෙන විට පමණක් බව පෙන්වාදෙන ඔහු ඓතිහාසික පැල්මයිරා නගරය සහ එහි මානව උරුමය ඉස්ලාම්වාදී කැරලිකරුවන් ගේ ප්‍රහාරයට ලක්වෙද්දී කිසිවක් නොකළ බව පැවසීය.

ජනාධිපති බෂාර් මේ බව පැවසුවේ අලෙප්පෝ නගරයේ කැරලිකරුවන්ගේ බලය බිඳදැමීමෙන් පසු පෙනී සිටි පළමු රුපවාහිනී සාකච්ඡාවට සහභාගීවෙමින් රුසියානු රුපවාහිනියක් ඔස්සේය.