ගිනිකෙළි ගින්නෙන් තිස් එකක් මරුට

Mexico's biggest fireworks market

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙළඳ කුටි තුන්සියයක ටොන් ගණනක ගිනිකෙළි ප්‍රමාණයක් තිබී ඇති අතර දැන් ඉතිරිව ඇත්තේ සියල්ල දැවී අළුවීගිය විනාශයේ සලකුණු පමණි
Published

මෙක්සිකෝවේ විශාලතම ගිනිකෙළි වෙළඳපොළේ ඇතිවූ පිපිරීමකින් පසු ඇතිවූ ගිනි ගැනීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් තිස් එක් දෙනකු මරණයට පත්වූහ.

තවත් පිරිසක් දරුණුලෙස පිළිස්සීමට ලක්වී සිටිති.

මෙක්සිකෝ නගරයට ආසන්නව ඇති ටුල්ටෙපෙක් නගරයේ ගිනිකෙළි වෙළඳපළ උත්සව සමය සඳහා ගිනිකෙළි මිලදීගන්නන් ගෙන් පිරී පැවතුනු අවස්ථාවක පිපිරීම සිදුවීඇත.

Mexico's biggest fireworks market

ඡායාරූප මූලාශ්‍රය, AP

විවිධ වර්ණයන්ගෙන් යුතු ගිනිකෙළි එකින්එක පුපුරායමින් ඇතිවූ අතිවිශාල ගින්න සහ දුමාරය තුළ වෙළඳපළට පැමිණසිටි ජනතාව කොටුවූ බව වාර්තාවේ.

වෙළඳ කුටි තුන්සියයකින් පමණ සමන්විතව තිබූ ගිනිකෙළි වෙළඳපළ තුළ ටොන් ගණනක ගිනිකෙළි ප්‍රමාණයක් තිබී ඇති අතර දැන් ඉතිරිව ඇත්තේ සියල්ල දැවී අළුවීගිය විනාශයේ සලකුණු පමණි.

මේ අතර ගිනිකෙළි ගබඩා කිරීමේ රෙගුලාසි කඩකළවුන් සිටීනම් ඔවුන් සොයා දඬුවම් කරන බව බලධාරීහු පවසති.