ලිබියානු ගුවන් යානයක් 'පැහැර ගැනීමේ උත්සාහයක්'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
මගීන් 118 ක් රැගෙන පියාසර කරමින් තිබුණු ලිබියානු ගුවන් යානයක් 'පැහැර ගැනීමේ ප්‍රයත්නයක්' හේතුවෙන් හදිසියේම මෝල්ටාවට ගොඩබෑමට සිදු වූ බව මෝල්ටාවේ අගමැතිවරයා පවසයි.
A320 එයාර් බස් යානය 'පැහැර ගැනීමේ උත්සාහය' දියත් වූ අවස්ථාවේ එය ලිබියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරතව සිටි බවයි, ජනමාධ්‍ය වාර්තා කරන්නේ.
යානයේ සිටි පුද්ගලයන් දෙදෙනකු හදිසියේම යානය පුපුරුවා හරින බවට තර්ජනය කළ බවත් මූලික වාර්තාවල දැක්වේ.
ඉන් අනතුරුව යානය මෝල්ටාව බලා පියාසර කරන අතරවාරයේ ආරක්ෂක හමුදා සීරුවෙන් තැබුණු බව මෝල්ටාවේ අගමැති ජෝසප් මස්කට් පැවසීය.
ගුවන් තොටුපොළේ 'නීතිවිරෝධී මැදිහත්වීමක්' සිදු වූ බව මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොල ට්විටර් පණිවුඩයකින් සනාථ කළේය.
හදිසි අවස්ථාවකට මුහුණදීම පිණිස හදිසි සහන සේවා ගුවන් තොටුපොළට කැඳවා ඇති බවත් එහි සඳහන් විය.























