භූමිකම්පාවකින් පසු චිලී රාජ්‍යයට සුනාමි බියක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
පැසිෆික් සාගරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අනතුරුව චිලී රාජ්‍යයේ දකුණුදිග ප්‍රදේශයේ සුනාමි අනතුරු ඇඟවීමක් නිවේදනය කරයි.
මැග්නිටියුඩ් 7.7ක් ලෙස සටහන්වී ඇති මෙම භූචලනයෙන් අනතුරුව චිලී රාජ්‍යයේ දකුණුදිග වෙරළබඩ ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර තිබේ.

මෙම භූමිකම්පාව නිසා මුහුදු රළ මීටර තුනක් පමණ ඉහලට යාහැකි බවට එරට බලධාරීහු අනතුරු අඟවා සිටිති.
චිලී රාජ්‍යයේ දකුණුදිග ප්‍රදේශයේ ඇතැම් මහාමාර්ග සහ පාලම්වලට හානි සිදුවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණි.























