බැග්ඩෑඩ් අගනුවර බෝම්බ ප්‍රහාරයක්; තිස්පහක් මරුට

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

බැග්ඩෑඩ් අගනුවර ජනාකීර්ණ චතුරශ්‍රයක එල්ල කෙරුණ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් තිස්පස් දෙනකු මරා දැමුණ අතර, තවත් හැටකට අධික පිරිසකට තුවාල සිදු වූ බව ඉරාකයෙන් වාර්තාවෙයි.

ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද්, බැග්ඩෑඩ් අගනුවරට නුදුරින් පිහිටි ප්‍රංශ හමුදා කඳවුරකට සංචාරයක යෙදී සිටි අවස්ථාවේ ප්‍රහාරය එල්ල කොට තිබේ.

ඉරාකයේ ඉස්ලාම් රාජ්‍ය (IS) ප්‍රහාරකයන්ට එරෙහිව සටන් කිරීම සියරට තුළ ත්‍රස්තප්‍රහාර එල්ලකිරීම් වැළැක්වීමට ඉවහල් වනබව ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් ඉරාකයේ රඳවා සිටින ප්‍රංශ හමුදාභටයන් අමතා කියාසිටියේය.