තුර්කියේ උසාවියකට ප්‍රහාරයක්

පොලිස් භටයෙකු සහ සාමාන්‍ය වැසියෙකු මරණයට

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස් භටයෙකු සහ සාමාන්‍ය වැසියෙකු මරණයට
Published

තුර්කියේ උසාවිය ගොඩනැගිල්ලකට මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

ඊට ගොදුරු වී පොලිස් භටයෙකු සහ සාමාන්‍ය වැසියෙකු මරණයට පත් වූ අතර තවත් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව තුර්කි බලධාරීහු පවසති.

තුර්කි ආරක්ෂක අංශ කියා සිටියේ මෙම ප්‍රහාරය සඳහා පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමූ අතර තුන්වැනි ප්‍රහාරකයා පලාගොස් ඇති බවය.

තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්වය බරපතළයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්වය බරපතළයි

පසුගිය ඉරිදා, රාත්‍රි සමාජශාලවකට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට ඊයේ (ජන. 04) තුර්කි පොලිසිය විසින් විසි දෙනෙකු පමණ රැඳවුම් භාරයට ගනු ලැබ තිබේ.

මේ අතරතුර තුර්කි නියෝජ්‍ය අගමැතිවරයා කියා සිටියේ රාත්‍රී සමාජ ශාලාව තුළ වෙඩි ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා අල්ලා ගැනීමට ඉතා ආසන්න බවය.

පසුගිය 31 වැනිදා රාත්‍රියේ 'රෙයිනා' රාත්‍රි සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තිස් නව දෙනෙකු මරණයට පත් විය.

ප්‍රහාරය එල්ල වුණේ ඉස්මීර් නගරයේ උසාවියකටයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය එල්ල වුණේ ඉස්මීර් නගරයේ උසාවියකටයි