දකුණු තායිලන්තයට ගංවතුරක්

ඡායාරූප මූලාශ්‍රය, AP
Published
සතියක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් දකුණු තායිලන්තයේ ඇතිවූ ගංවතුරට හසුවූ පුද්ගලයන් දොළොස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය.
මේ අතර ගම්මාන රාශියක් ජලයෙන් යටවීඇති බව වාර්තාවේ.
තායිලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ මෙම වර්ෂාධික තත්වය තවත් දින දෙකක් පමණ බලපැවැත්විය හැකි බවය.
ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු අඩාල වී ඇති අතර බස් සහ දුම්රිය සේවා මෙන්ම ගුවන්සේවා පමාවීම් හෝ මුළුමනින්ම නවතාදමීම් වාර්තාවී ඇත.
ඇතැම් පිරිස් හුලං පිරවූ මෙට්ට සහ රබර් ටියුබ් යොදාගනිමින් ජලයෙන් යටවී ඇති මහාමාර්ග ඔස්සේ ගමන්කරන ආකාරය දක්නට ලැබේ.























