දමස්කස් බෝම්බ ප්‍රහාරය ගැන ඊශ්‍රායලයට චෝදනා

Mezzeh

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් තොටුපළ පිහිටා ඇත්තේ දමස්කස් නගරයට ආසන්න මෙස්සේ නගරයේය
Published

දමස්කස් නුවර යුද හමුදා ගුවන් තොටුපලේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව සිරියාව ඊශ්‍රායලයට චෝදනා කරයි.

සිරියානු හමුදාව පවසන්නේ ඊශ්‍රායල ගුවන්යානයක් ගලීලී මුහුදේ උතුරේ සිට මිසයිල ප්‍රහාර එල්ලකර ඇති බවය.

මේ අතර මෙස්සේ ගුවන් තොටුපළට එල්ලකළ සහාසික ප්‍රහාරයට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට සිරියානු හමුදාව අනතුරු අඟවා ඇත.

වාර්තාකරුවන් පවසන්නේ දමස්කස් නුවර අවට ඇති කැරළිකාර කණ්ඩායම් සතුව පවතින ප්‍රදේශ වලට රොකට් ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ගුවන්තොටුපළ භාවිතා කරන බවය.

එහෙත් මේ වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කටයුතු නොකරන බව ඊශ්‍රායලය පවසා ඇත.

මීට ඉහතදී සිරියාවට ගුවන් ප්‍රහාර එල්ලකිරීම සහ හිස්බුල්ලා සංවිධානයට ආයුධ ලබාදීම පිළිබඳවද ඊශ්‍රායලයට චෝදනා එල්ල විය.