බ්‍රසීලයේ බන්ධනාගාරයක් රැඳවියන්ගේ ග්‍රහණයට

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩේ දො නෝටේ පළාතේ බන්ධනාගාරය රැඳවියන් විසින් අත්පත් කරගනු ලැබ ඇති අතර එරට කැරලි මර්ධන පොලීසිය එය යළි අත්පත්කරගැනීම සඳහා මෙහෙයුම් දියත්කොට ඇත.
අල්කේකස් බන්ධනාගාරයේ ප්‍රතිවාදී රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී අවම වශයෙන් රැඳවියන් දස දෙනෙකුවත් මරා දමා ඇති අතර එයින් ඇතැමෙකුගේ ගෙල සිඳ දමා තිබේ.
බන්ධනාගාරයේ පිටත ප්‍රදේශයට පොලීසිය ඇතුල්වී ඇති අතර සිරකරුවන් අත පවතින ප්‍රදේශය අත්පත්කරගැනීම සඳහා පොලීසිය හිරු නැගෙන තුරු බලාසිටින බව වාර්තාවේ.
මෙම මාසයේ බ්‍රසීලයේ බන්ධනාගාර තුළ ඇතිවූ තුන්වැනි කැරැල්ල මෙයවන අතර අමසොනාස් සහ රොරයිමා පළාත් රැඳවුම් මධ්‍යස්ථානවලදී සියයකට ආසන්න රැඳවියන් පිරිසක් මරණයට පත්විය.

























