මෙක්සිකෝවේ තවත් සමූහ ඝාතනයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
සිරුරින් වෙන්කළ මිනිස් හිස් හයක් ට්‍රක් රථයක් මත තබා ඒවායේ මළසිරුරු එම රථය තුළට දමා තිබියදී දකුණු මෙක්සිකෝවේ ගුවෙරෙරෝ ප්‍රාන්තයේ පොලීසිය විසින් සොයාගනු ලැබ ඇත.
තවත් පිරිමින් හතර දෙනෙකුගේ මළ සිරුරු යාබද ස්ථානයක තිබී හමුවී ඇති අතර මිය යාමට පෙර එම පුද්ගලයන් වධහිංසාවලට ලක්වී ඇතිබව පෙනීයයි.
පළාතේ අගනගරය වන චිල්පැන්සින්ගෝ හිදී මෙම මළ සිරුරු හමුවූ බවත් එම ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් වියහැකි බවත් බලධාරීහු පවසති.
මෙම කලාපය මෙක්සිකෝවේ දරිද්‍රතාවෙන් ඉහළ ප්‍රදේශවලින් එකක් වන අතර මිනීමැරුම් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නේ ඕපියම් සහ මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර ගැටුම් හේතුවෙනි























