ගැම්බියාව: බලයෙන් ඉවත්වන බව ජනපති ජම්මේහ් පවසයි

Mr Jammeh has called for new elections to be held in Gambia

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර විසි දෙකක් ගැම්බියාව පාලනය කළ ජනාධිපති යාය ජම්මේහ්
Published

කලාපීය නායකයන් වෙතින් එල්ලවන පීඩනය හමුවේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් ගැම්බියාවේ ජනාධිපති යාය ජම්මේහ් සිය ධුරයෙන් ඉවත්වන බව නිවේදනය කළේය.

වසර විසි දෙකක් රට පාලනය කළ ජනාධිපති ජම්මේහ් රජයේ රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් අවධාරණය කළේ ගැම්බියාව තුළ ලේ වැගිරීමක් සිදු නොවිය යුතු බවය.

සෙනගාලයේ සහ නයිජීරියාවේ හමුදා භටයන් දහස් ගණනක් ගැම්බියාවට ඇතුළු වූ අතර ගිනියාව සහ මොරිටානියා යන රටවල ජනාධිපතිවරුන් සමග එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව ජනාධිපති ජම්මේහ් සිය ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය.

Swearing-in ceremony at inauguration of Gambia President Adama Barrow at the Gambian embassy in Dakar, Senegal January 19, 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැම්බියාවේ ජනාධිපතිවරයා වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සෙනගාලයේදී දිවුරුම් දුන් ඇඩමා බැරෝ

ජනාධිපතිවරණයෙන් ජය ගත් ඇඩමා බැරෝ නැවත ගැම්බියාව බලා එන ලෙස රටෙන් පිටුවහල් කරන ලද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේවන විට අසල්වැසි සෙනගාලයට ගොස් සිටින ඇඩමා බැරෝ එහි පිහිටි ගැම්බියානු තානාපති කාර්යාලයේදී ජනාධිපති ධුරයේ දිව්රුම් දුණි.