‘කමිස ඇඳි’ ඩොල්ෆින් සොයා සයුර පීරයි

ඡායාරූප මූලාශ්‍රය, DEPARTMENT OF PARKS AND WILDLIFE
යමෙකු විසින් බලහත්කාරයෙන් කමිසයක් අන්දවන ලද ඩොල්ෆින් සත්වයකු සොයමින් බටහිර ඔස්ට්‍රලියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් දියත්කර ඇත.
පසුගිය සතියේ දිනෙක දකුණු දිග පර්ත් නගරයෙන් කිලෝමීටර එකසිය හැත්තෑවක් පමණ දුරින් එම ඩොල්ෆින් පිහිනමින් සිටියදී සංචාරකයකු දුටු බවට තොරතුරු ලැබිනැයි ඔස්ට්‍රේලියාවේ වනජීවී දෙපාර්තමේන්තුව පැවසීය.
සුදු පැහැති කුඩා කමිසයක සිර වූ ඩොල්ෆින් සිය කැමරාවට හසුකරගත් එම පුද්ගලයා පසුව එය බලධාරීන් වෙත වාර්තාකර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, DEPARTMENT OF PARKS AND WILDLIFE
ඕස්ට්රේලියානු නීතියට අනුව විශේෂ අවසරයකින් තොරව ඩොල්ෆින් සහ තල්මසුන්ගේ ස්වභාවික ජීවන චර්යාවට බාධා කිරීම තහනම්
සංචාරකයා විසින් ගනු ලැබූ ඡායාරූපවල දිස්වන අන්දමට යම්කිසි පුද්ගලයෙකු විසින් හිතාමතා ඩොල්ෆින්ට කමිසයක් අන්දවා ඇති අතර එමගින් එම සත්වයාගේ ශ්වසන ක්‍රියාවලියට බාධා වී ඇතැයි සැක කරන බව වනජීවී බලධාරීහු පවසති.
ඩොල්ෆින් අනතුරේ හෙලූ පුද්ගලයා නීතියේ රැහැනට හසු වුවහොත් ඔහුට ඇමරිකානු ඩොලර් තුස්දහසක පමණ දඩයක් නියමවනු ඇති බව ඔස්ට්‍රලියාවේ වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. ය.
























