එඩප්පාඩි පලනිසාමි තමිල්නාඩු මහඇමති පදවියට

BBC Tamil

ඡායාරූප මූලාශ්‍රය, BBC Tamil

ඡායාරූප ශීර්ෂ වැකිය, එඩප්පාඩි රාමසාමි
Published

අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ (ADMK) ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන එඩප්පාඩි පලනිසාමි තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමතිවරයා ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර විද්‍යාසාගර් රාවෝ ඉදිරියේ අද (16) දිවුරුම් දුන්නේය.

නව මහඇමතිවරයා සිය අමාත්‍ය මණ්ඩලය නම් කරන ලද බවත් වාර්තා වෙයි.

දින පහළොවක් ඇතුළත ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලය තුළ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගැනීමේ යෝජනාවක් සම්මත කරගන්නා ලෙස ආණ්ඩුකරු එඩප්පාඩි පලනිසාමිට දැනුම් දී ඇත.

BBC Tamil

ඡායාරූප මූලාශ්‍රය, BBC Tamil

ඡායාරූප ශීර්ෂ වැකිය, දින පහළොවක් ඇතුළත පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බහුතරය තහවුරු කරන ලෙස එඩප්පාඩි පලනිසාමිට ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත.

තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු මහ ඇමති ඕ.පන්නීර්සෙල්වම් සිය අප්‍රසාදය පළකර ඇත.

BBC Tamil

ඡායාරූප මූලාශ්‍රය, BBC Tamil

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕ පන්නීර්සෙල්වම්

හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ මරණයට මුල්වූවන්ට නව ආණ්ඩුව පිහිටුවීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ජනතාව කෝපයට පත්වී තිබෙන බව පන්නීර්සෙල්වම් පවසයි.

ජලලිතා ජයරාම්ගේ අභාවයෙන් අනතුරුව තමිල්නාඩු ප්‍රාන්තය තුළ දේශපාලනය නොසංසුන් තත්වයක් මතුවිය.