කාම්බෝජය, දේශපාලනය සහ 'අසීරු කාලය' ගැන ඇන්ජලීනා ජොලී කතා කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ලොව දුටුවේ කාම්බෝජයේදී - ඇන්ජලීනා ජොලී
Published

ලෝකය පිළිබඳ තමන්ට සැබෑ අවබෝධයක් ලබාගැනීම සඳහා කාම්බෝජය මුල් වූ බව ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී පවසයි.

ඇය ඒ බව කියා සිටියේ කාබෝජය පසුබිම් කරගත් සිය නවතම චිත්‍රපටය කාම්බෝජයේදී පළමුවරට තිරගත වීමත් සමග බීබීසී මාධ්‍යවේදිනී යල්ඩා හකීම් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

1975 - 1979 කාලය තුළදී ඛේමර් රූජ් පාලනය විසින් කාම්බෝජයේ ගෙන යන ලද මහා ජනසංහාරය දරුවෙකු ඇසින් දුටු ආකාරය 'First They Killed My Father' නම් වූ ඇන්ජලීනා ජොලී විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයට පසුබිම් වී තිබේ.

එය උපුටාගෙන ලැබ තිබෙන්නේ ලූන්ග් උන්ග් නම් ලේඛිකාව සිය කුඩා කළ අත්දැකීම කැටිකොට ලියන ලද කෘතියකිනි.

එසමයේදී මුහුණ දුන් කම්පිත අත්දැකීම් පිළිබඳව විවෘතව කතා කිරීම සඳහා කාම්බෝජ ජනතාවට තමාගේ චිත්‍රපටය රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ඇන්ජලීනා ජොලී පැවසුවාය.

ඛේමර් රූජ් පාලනය සමයේදී එරට ලක්ෂ විස්සක ජනතාවක් මිය ගියහ.

කාම්බෝජ ජනසංහාරය

Grey line
Angelina Jolie and her son, Maddox
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ජලීනා ජොලී සිය වැඩිමහල් පුතු වූ මැඩොක්ස් සමග

මේ වනවිට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනයේ විශේෂ නියෝජිතවරියක ද වන ඇන්ජලීනා ජොලී ප්‍රථම වරට කාම්බෝජයේ සංචාරයක නිරත වුනේ ඇය රඟපෑ 2001 වසරේ ජනප්‍රියම චිත්‍රපටයක් වූ 'Lara Croft: Tomb Raider' හි රූගත කිරීම් සඳහාය.

අනතුරුව ඇය විසින් හදාවඩා ගනු ලැබූ සිය වැඩිමහල් පුතු වූ මැඩොක්ස් ගෙන ගියේ කාම්බෝජයෙනි.

ඇන්ජලීනා ජොලීගේ චිත්‍රපටයේ මංගල දර්ශනය සෙනසුරාදා (පෙබ.18) කාම්බෝජයේ පෞරාණික 'අන්ග්කෝර් වත්' පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ඊට ඇගේ දරුවන් හය දෙනා ද සහභාගී වූහ.

කලකට පසු

Grey line
9 US director-actress Angelina Jolie (C) and her adopted children stand as they visit Cambodian King Norodon Sihamoni at the Royal Palace in Siem Reap province, Cambodia, 18 February 2017

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ඇන්ජලා ජොලීගේ දරුවන් හය දෙනා ද සහභාගී වූහ

එහි තවත් විශේෂත්වයක් වූයේ එරට නොරොදම් ශිහමොනි රජු ද ඊට එක්වීමය.

කාම්බෝජය තුළ ඇන්ජලීනා ජොලී විසින් පිහිටුවන ලද පරිසර පදනම විසින් කරන ලද මෙහෙය හේතුවෙන් 2005 වසරේදී නොරොදම් ශිහමොනි රජු විසින් ඇයට කාම්බෝජ පුරවැසිභාවය පිරිනමන ලදී.

ප්‍රකට හොලිවුඩ් නළු බ්‍රැට් පිට්ගෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දික්කසාද වීමෙන් අනතුරුව ඇන්ජලීනා ජොලී ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු ප්‍රධාන අවස්ථාව මෙම චිත්‍රපට තිරගත කිරීම වේ.

Grey line
Grey line

දේශපාලනය

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සංක්‍රමණික තහනම පිළිබඳ ප්‍රතිචාර දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හරහා ප්‍රකාශයක් කළ ඇන්ජලීනා ජොලී කියා සිටියේ බිය මත නොව කරුණු මත පදනම්ව තීරණගත යුතු බවය.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සුවිශේෂව යමක් ප්‍රකාශ කිරීමට මැළි වුවද "ඕනෑම ජනාධිපතිවරයෙකුට වඩා ඇමරිකානු ජනතාව ශ්‍රේෂ්ඨයි. මගේ රට ගැනත් එහි ගොඩනැගී තිබෙන, අදටත් අප අතර සුරැකිව තිබෙන වටිනාකම් ගැනත් මගේ විශ්වාසයක් තිබෙනවා. මං හිතන විදිහට අපි අසන බොහෝ දේ පදනම් වෙලා තිබෙන්නේ පැතිර යන බිය හෝ වෛරය හෝ වර්ගය හෝ විනිශ්චයන් මත ජනතාව බෙදීම පදනම් කරගෙනයි. එය ඇමරිකානු ස්වභාවය නොවෙයි" යනුවෙන් ඇය පැවසුවාය.

මේ මොහොතේ වඩාත් සිත් ගන්නා දේ වන්නේ ලෝ පුරා ජනතාව තමන්ගේ සිවිල් අයිතිවාසිකම්, හිමිකම් සහ තමන්ට දැනෙන දේ පිළිබඳ හඬ නැගීමට පටන් ගෙන තිබීමයි. 'මට දැනෙන විදිහට මෙය ඇමරිකානු ස්වභාවය නොවෙයි, මට හැඟෙන ආකාරයට මෙය ව්‍යවස්ථා විරෝධී' යනුවෙන් ඇමරිකානු ජනතාව පවසනු අපට ඇහෙනවා" යැයිද ඇන්ජලීනා ජොලී වැඩිදුරටත් සඳහන් කළාය.