මහාශිව රාත්‍රී දිනයේ විරෝධතා මැද එළිදුටු මහාශිව ප්‍රතිමාවක්

තමිල්නාඩු ප්‍රාන්තයේ 'වෙලින්ගිරි' නගරයේ ඉදි කරණ ලද අඩි 112ක් උසැති ශිව ප්‍රතිමාවක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතින් අද (24) විවෘත කෙරිණ.
තමිල්නාඩුවේ ස්වාභාවික පරිසරය අතින් ඉතාම වැදගත් කමක් සහිත 'කොයිම්බටෝර්' දිස්ත්‍රික්කයේ බටහිර ඝාස්ට් (Ghats) කලාපයේ කඳු පාමුලක පිහිටි 'ඉෂා' (Isha) පදනමට අයත් භූමියක එම අධියෝග ශිව ප්‍රතිමාව ඉදිකරනු ලැබ ඇත.
එම පදනම විසින් එහි දැවැන්ත ගොඩනැගිලි කීපයක්ම ඉදි කරනු ලැබ ඇති අතර එම නිර්මාණ දැඩි මතභේදයකට ලක්ව ඇත.

ඊට හේතුව එම භූමිය බටහිර' ඝට්ස්' කලාපයේ අලි මංකඩක පිහිටා තිබීමයි.
එම තත්වය යටතේ පරිසර සංවිධාන සහ වාමාංශික දේශපාලන පක්ෂ අගමැති මෝඩි අද (24) මහාශිව රාත්‍රී දිනයේ අධියෝගී ශිව ප්‍රතිමාව විවෘත කිරීමට සහභාගීවීම දෝෂ දර්ශනයට ලක්කර තිබුණි.
අගමැතිවරයාගේ සංචාරයට එරෙහිව කළුකොඩි ඔසවන බවට එම සංවිධාන විසින් අනතුරු ඇඟවීමක් ද කර තිබුණි.
























