'හොම්ස්' මරාගෙන මැරෙන ප්‍රහාරවලින් හතළිහකට අධික ජීවිත විනාශයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
සිරියාවේ 'හොම්ස්'(Homs) නගරයේ ආරක්ෂක කලාප දෙකකට එල්ල කෙරුණ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ජීවිත රැසක් විනාශ විය.
මරා දැමුණ පුද්ගලයන් අතර ප්‍රදේශයේ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාත් සිටින බව වාර්තාවෙයි.
එම ප්‍රහාරවලින් මරණයට පත් සංඛ්‍යාව හතළිහකට අධික බව ඇතැම් වාර්තා මගින් පැවසෙයි.
ප්‍රහාරයේ වගකීම සිරියාවේ ක්‍රියාත්මක 'ටහ්රිර් අල්- ෂාම්' නම් සංවිධානය විසින් භාරගනු ලැබ ඇත.
සාම සාකච්ඡාවලින් අනතුරුව කැරලිකරුවන් පිටව යාමෙන් පසු 'හොම්ස්' නගරය, 2015 වසරේ පටන් සිරියානු රජයේ පාලනය යටතේ පවතී.























