තාලිබාන් කැරලිකරුවන් 18 දෙනෙකු මරුට

Published
ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් තාලිබාන් සටක්කරුවන් 18 දෙනෙකු මරා දැමූ බව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.
ඇෆ්ගන් පොලිසිය පවසන්නේ මිය ගිය අය අතර තාලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු ද සිටින බවය.

එක්සත් ජනපද හමුදා විසින් පසුගිය ඉරිදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකට ගොදුරුවී කුන්දුස් ප්‍රාන්තයේ තලිබාන් නායකයා ද මරණයට පත්විය.
නමුත් ඉන් අනතුරුව තාලිබාන් සටන්කරුවන් එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින් ඇෆ්ගන් පොලිස් භටයන් සය දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූහ.























