නව ලොවකට සිහින දකින 'පුංචි පිකාසෝ'
Published
මේ දස හැවිරිදි ඇෆ්ගන් දරුවා පුංචි චිත්‍ර ශිල්පියෙක්!
සරණාගත කඳවුරේ ඔහු ප්‍රසිද්ධ 'පුංචි පිකාසෝ' ලෙසයි.
"සමහර වෙලාවට වීඩියෝවලින් මම දැකලා තියෙනවා කොහොමද චිත්‍ර අඳින්නේ කියලා. යූ ටියුබ් එකේ වීඩියෝවල පෙන්වනවා චිත්‍ර අඳින විදිහ, මම ඒවා බලාගෙන ඉගෙන ගන්නවා." ෆර්හාඩ් නූරි පවසයි.
"මගේ තාත්තටත් චිත්‍ර අඳින්න ටිකක් පුළුවන්! මට අවුරුදු හයේ දී විතර ඔහු මට ටිකක් කියලා දුන්නා." ඔහු විස්තර කළේය.
ෆර්හාඩ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත් වෙන්නේ තවත් සරණාගතයන් දහස් ගණනක් සමග සයිබීරියාවේ අනාථ කඳවුරකයි.
ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ බටහිර යුරෝපයට ඇතුළුවීමයි.
