තරුණියන් හතරදෙනෙක් බෝම්බ පුපුරවා ගනිති

නිවෙසකට ගොස් දොරට තට්ටුකිරීමෙන් අනතුරුව මෙම කාන්තාවන් සිය බෝම්බය පුපුරවාගෙන තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවෙසකට ගොස් දොරට තට්ටුකිරීමෙන් අනතුරුව මෙම කාන්තාවන් සිය බෝම්බය පුපුරවාගෙන තිබේ
Published

නයිජීරියාවේ ඊසානදිග ප්‍රදේශයේදී තරුණියන් හතරදෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගනිති.

මෙම ප්‍රහාරය දියත්කළ තරුණියන් සිව්දෙනාට අමතරව තවත් සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරණයට පත්වූ බවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවත් නයිජීරියානු බලධාරීහු පවසති.

නිවෙසකට ගොස් දොරට තට්ටුකිරීමෙන් අනතුරුව මෙම තරුණියන් සිය බෝම්බය පුපුරවාගෙන තිබේ.

නව උපක්‍රමය

තනි තනිව නිවාස ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකිරීම නයිජීරියාවේ බොකෝ හරාම් කැරලිකරුවන්ගේ නව උපක්‍රමය බවට පත්වී ඇති බව පැවසේ.

මෙම ප්‍රහාරය සිදුවූ මෛදුගුරි ප්‍රදේශය බොකෝ හරාම් කැරලිකරුවන්ගේ බලකොටුවක් වන අතර පසුගිය දිනවල එම ප්‍රදේශයෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් ම වාර්තා විය.