ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යාලය තුළ පිපිරීමක්

Published

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යාලය තුළ සිදු වූ පිපිරීමකින් එක අයෙකු තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි.

එසේ පුපුරා ගොස් තිබුනේ ලිපියකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තාවී නැත.

මේ අතර ජර්මානු මුදල් ඇමති වුල්ෆ්ගැන්ග් ශුබ්ල්ගේ නමට ලැබුණු පාර්සල් බෝම්බයක් බර්ලින් නුවර පිහිටි ජර්මානු මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (මාර්තු 16) නිරීක්ෂණයට ලක් විය.

Conspiracy of Fire Cells නම්වූ ග්‍රීක අන්ත වාමාංශික කණ්ඩායමක් සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ තමන් විසින් එය යොමු කර තිබු බවය.