කිම් ජොන් නාම් ඝාතනය: සැකකරුවන්ට රතු නිවේදනයක්

කිම් ජොන් නාම් ඝාතනය: සැකකරුවන්ට රතු නිවේදනයක්

ඡායාරූප මූලාශ්‍රය, PA

Published

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගේ සොහොයුරු කිම් ජොන් නාම් ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

පසුගිය මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේ දී කිම් ජොන් නාම් ඝාතනය කෙරුණේ මාරාන්තික විෂ ද්‍රවයක් භාවිත කරමිනි.

මැලේසියාව පවසන්නේ කිම් ජොන් නාම් ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් හතරදෙනා ඔහු ඝාතනය කෙරුණු අවස්ථාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේ සිටි බවට තොරතුරු හෙළි වී ඇති අතර මේ වන විට ඔවුන් මැලේසියාවෙන් පිටවී උතුරු කොරියාවට ගොස් සිටින බවය.

ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කිරීම ජාත්‍යන්තර වරෙන්තුවකට ඉතා සමාන අවස්ථාවක් ලෙස සැළකේ.

පසුගිය මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේ දී කිම් ජොන් නාම් ඝාතනය කෙරුණේ මාරාන්තික විෂ ද්‍රවයක් යොදා ගෙනය.
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේ දී කිම් ජොන් නාම් ඝාතනය කෙරුණේ මාරාන්තික විෂ ද්‍රවයක් යොදා ගෙනය.

කෙසේ වෙතත් උතුරු කොරියාව ජාත්‍යන්තර පොලිසියේ සාමාජික රටක් නොවන බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙමගින් ඉඩ සැළසෙනු ඇති බව විශ්වාස නොකෙරේ.

වියට්නාම් ජාතික කාන්තාවක් සහ ඉන්දුනීසියානු ජාතික කාන්තාවකට මැලේසියානු පොලිසිය විසින් කිම් ජොන් නාම් ඝාතන චෝදනා යටතේ නඩු පවරනු ලැබ ඇත.

තමන් රූපවාහිනී විනෝදාත්මක වැඩසටහනකට සම්බන්ධ වූවා මිස පුද්ගලයෙකු ඝාතනයට හවුල් වන බවක් නොදැන සිටි බව එම සැකකාරියන් දෙදෙනා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

උතුරු කොරියාව විසින් මෙම ඝාතනය සිදු කරනු ලැබූ බවට මැලේසියාව චෝදනා නොකළත් කිම් ජොන් නාම් ඝාතනය පිටුපස සිටින්නේ ප්යෝන්ග්යැන්ග් පාලනය බවට මත පළවී තිබේ.