ප්‍රංශයේ ඕර්ලි ගුවන් තොටුපළේ ත්‍රස්ත බියක්

ප්‍රංශය

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, එම ස්ථානයේ ආරක්ෂක බාධක යොදා ඇති අතර ජනතාවට ඉවත්වී සිටින ලෙස අනතුරු අඟවා ඇත
Published

ප්‍රංශයේ ඕර්ලි ගුවන් තොටුපළේදී සොල්දාදුවෙකුගේ ගිනි අවිය උදුරාගැනීමට තැත්කළ පුද්ගලයෙකු වෙඩි තබා මරා දැමිණි.

ගුවන් තොටුපළේ ඇතැම් කොටස් වල සිටි පිරිස් ඉවත්කරනු ලැබ ඇති අතර වෙඩි හඬ ඇසීමත් සමග මගීන් ගොඩබැස්වීමද නවතනු ලැබිණි.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයද එක්ව ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

පැරිස්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන්තොටුපල තුළ සිටි මගීන් ඉවත්කරනු ලැබිණි

පසුගිය මාසයේ එක් සිදුවීමකදී ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය අසළදී කැපෙන ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ පුද්ගලයෙකුට සොල්දාදුවෙකු විසින් වෙඩි තබා මෙල්ලකරනු ලැබිණි.

ඕර්ලි පැරිස් නගරයේ දෙවන විශාලතම ගුවන්තොටුපළයි.

එම ස්ථානයේ ආරක්ෂක බාධක යොදා ඇති අතර ජනතාවට ඉවත්වී සිටින ලෙස අනතුරු අඟවාතිබේ.