ලන්ඩන් ප්‍රහාරය: දෙදෙනෙකුගෙන් දිගටම ප්‍රශ්න කෙරෙයි

Two images of Khalid Masood
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය එල්ල කළ ඛලිඩ් මසුඩ් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය
Published

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු සියලු දෙනා නිදහස් කළ බව බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත මර්දන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු රඳවා තැබුණේ බර්මින්හැම් සහ මැන්චෙස්ටර් යන නගරවලය.

වෙස්ට්මිනිස්ටර් පාලම අසල දී සිතාමතාම පදිකයන් වෙත රිය පැදවූ ඛලිඩ් මසුඩ් නමැති ප්‍රහාරකයා අනතුරුව පාර්ලිමේන්තුව අසල සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කළේය.

රියේ ගැටුණු පදිකයන් තිදෙනෙකු සහ පිහි පහර කෑ පොලිස් නිලධාරියා එහිදී මරණයට පත් විය.

සෞදි අරාබියේ

Floral tributes to attack victims

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඛලිඩ් මසුඩ් සමග ප්‍රහාරය සැලසුම් කිරීමට වෙනත් පුද්ගලයන් සම්බන්ධ වී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.

ඛලිඩ් මසුඩ් දෙවරක් සෞදි අරාබියේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් සේවය කොට ඇති බව ලන්ඩනයේ පිහිටි සෞදි තානාපති කාර්යාලය තහවුරු කළේය.

මසුඩ් ගේ සහකාරිය බවට විශ්වාස කෙරෙන කාන්තාවක් ඇප පිට මුදා හරිනු ලැබීය.