ඇමරිකාවේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

ඇමරිකාවේ රාත්‍රී සමාජ ශාලාවේ වෙඩි තැබීම

ඡායාරූප මූලාශ්‍රය, CPD

Published

ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ සින්සිනාටි නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් දාහතර දෙනෙකුවත් තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.

කැමියෝ නම් රාත්‍රී සමාජ ශාලාවේ මෙම වෙඩි තැබීම සිදු වූ බව සින්සිනාටි පොලිස් දෙපාර්තමේන්තුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කොට තිබේ.

WLWT-TV රූපවාහිනී සේවය සමග කතා කළ නියෝජ්‍ය පොලිස්පති පෝල් නිවුඩිගේට් කියා සිටියේ තුවාල ලැබූ කීප දෙනෙකු බරපතළ තත්වයේ පසුවන බවය.

ඇමරිකාවේ රාත්‍රී සමාජ ශාලාවේ වෙඩි තැබීම

ඡායාරූප මූලාශ්‍රය, CPD

සිය ඝාතන විමර්ශන කණ්ඩායම් ඉදිරි පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අද අළුයම (මාර්තු 26) 1.00 ට පමණ වෙඩි තැබීම සිදු වී ඇති අතර ඒ අවස්ථාවේ සමාජ ශාලාවේ සිය ගණනක පිරිසක් සිටි බව පොලිසිය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේවන තෙක් කිසිවකුත් සැක පිට අත්අඩංගුවට ගෙන නැති අතර ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිප දෙනකුගෙන්ම සාක්ෂි සටහන් කරගනිමින් සිටින බව අපරාධ විමර්ශන අංශයේ සැරයන් එරික් ෆ්‍රාන්ස් ABC පුවත් සේවය වෙත ප්‍රකාශ කොට තිබේ.