පකිස්තානයේ සිද්ධස්ථානයක් අසල විසිදෙදෙනෙකු ඝාතනය කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, EPA
Published
පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සුෆි සිද්ධස්ථානයක් අසලදී විසි දෙනෙකු පමණ ඝාතනයකර ඇති බව එරට පොලිසිය පවසයි.
පන්ජාබ් ප්‍රාන්ත පොලිසියේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා කියා සිටියේ සිද්ධස්ථානයේ භාරකරු විසින් මෙම ඝාතන සිදු කරනු ලැබ ඇති බවට සැකකරන බවය.
සිද්ධස්ථානයේ භාරකරු සිය කාමරය තුළට තනි තනිව පිරිස කැඳවා ඔවුන්ට මන්නා පිහියකින් සහ පොලුවලින් පහර දී මරා දමා ඇති බවට පොලිසිය පවසයි.
විෂ මුසුකළ ආහාර
පොලිසිය තවදුරටත් කියා සිටියේ සිද්ධස්ථානයේ භාරකරු මානසික රෝගයකින් පෙළෙන්නෙකු විය හැකි බවය.
සිය කාමරයට කැඳවූ ඇතැම් අයට විෂ මුසුකළ ආහාර ලබා දුන් බව දිවි බේරාගත් අයෙක් පැවසීය.
අනතුරුව ඔවුනට පොලු සහ මන්නාවලින් පහර දී මරා දමා ඇත.























