ට්‍රම්ප්ගේ ප්‍රහාරය ගැන බ්‍රිතාන්‍යයේ ස්ථාවරය

Published
සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට එක්සත් ජනපද හමුදාව එල්ලකළ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම අනුමතකරන බව බ්‍රිතාන්‍යය නිවේදනය කරයි.
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆාලන් කියා සිටියේ මෙම ප්‍රහාරය පිළිබඳව එක්සත් ජනපදය විසින් බ්‍රිතාන්‍ය අගමැතිනිය දැනුවත් කරනු ලැබ ඇති නමුත් ප්‍රහාරයට එක්වන ලෙස ඉල්ලීමක්කර නොමැති බවය.
ඔහු මෙම ප්‍රහාරය හැඳින්වුයේ "සීමා සහිත" සහ "සම්පූර්ණයෙන්ම උචිත" ප්‍රහාරයක් ලෙසය.
මිසයිල 59ක්
මධ්‍යධරණි මුහුදේ සිට එක්සත් ජනපද යුද නෞකා දෙකකින් මුදාහළ මිසයිල 59ක් පතිත වූ බවත් පුද්ගලයන් හයදෙනෙකු මරණයට පත්වූ බවත් සිරියානු හමුදාව ප්‍රකාශ කළේය.
මෙම ප්‍රහාරය එල්ල වූයේ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට විෂ වායු ප්‍රහාරයක් එල්ල වී දින කිහිපයකට පසුවය.
එම සැක කටයුතු රසායනික අවි ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු සාමාන්‍ය වැසියන් හැත්තෑ දෙදෙනෙකු මියගිය බව වාර්තා විය.
























