ටොන් එකකට අධික මැමත් දළ හසුවෙයි

Picture of mammoth tusks seized in Heilongjiang province in China on 11 April 2017

ඡායාරූප මූලාශ්‍රය, China News Service

ඡායාරූප ශීර්ෂ වැකිය, මැමත් දළ, වුලී රයිනෝ අඟ කොටස් සහ ජේඩ් පාෂණ තොගය රුසියාවේ සිට පැමිණ ඇති බව වාර්තා වේ
Published

ටොන් එකකට අධික බරින් යුත් මැමත් දළ තොගයක් චීන බලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබ ඇත.

අලි ඇතුන්ගේ මුතුන් මිත්තන් වන වුලී මැමත් සද්දන්තයන් මිහිමතින් තුරන් වූයේ මීට වසර දහස් ගණනකට ඉහතදීය.

චීන රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ දළ තොගය රුසියාවේ සිට ගෙනැවිත් ඇති බවය.

දළ තොගය පසුගිය පෙබරවාරි මාසයේදී චීන බලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර එහි තිබෙන විශාලතම දළය දිගින් අඩි 05 ක් වන බව රේගු නිලධාරියෙක් පැවසීය.

මැමත් දළ වෙළඳාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර තහනමක් නොමැති නමුත්, අදාළ අංශ වෙත නොදන්වා දළ තොගය ප්‍රවාහනය කර ඇති බව චීන බලධාරීහු සඳහන් කළහ.

සයිබීරියාවේ ඝන හිම තට්ටු අතර තිබී හමුවන මැමත් දළ සඳහා චීන වෙළඳපොළේ තිබෙන ඉල්ලුම ඉහළ යමින් පවතී.

ගෝලීය උණුසුම

Picture of mammoth tusks seized in Heilongjiang province in China on 11 April 2017

ඡායාරූප මූලාශ්‍රය, China News Service

ඡායාරූප ශීර්ෂ වැකිය, දළ තොගය පසුගිය පෙබරවාරි මාසයේදී බලධාරීන් භාරයට ගත් නමුත් ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරනු ලැබුවේ පසුගිය සතියේදීය

ගෝලීය උණුසුම හේතුවෙන් මතුව ඇති බලපෑම් හමුවේ ආක්ටික් කලාපයේ අයිස් අතර සංරක්ෂණය වී පවතින දළ එක්රැස් කිරීම පහසු වී ඇති බව පර්යේෂකයෝ පවසති.

හයිලුන්ජියෑන් පළාතේ ලුවෝබෙයි වරාය නගරයේ දී මැමත් දළ සියයකට අධික සංඛ්‍යාවක් බලධාරීන් භාරයට පත්ව ඇති අතර එම තොගය අතර තිබී වුලී රයිනොසරයන්ට අයත් අඟ කොටස් සහ ටොන් එකකට අධික ජේඩ් පාෂාණ ද හමු වී තිබේ.

එම තොගය ට්‍රක් රථයක් තුළ සඟවා ප්‍රවාහනය කොට ඇති බව වාර්තා වේ.

වසර 10,500

The woolly mammoth (Mammuthus primigenius), or tundra mammoth

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

ඡායාරූප ශීර්ෂ වැකිය, මිහිමතින් තුරන්ව ගිය වුලී මැමත්

ට්‍රක් රථය තුළ සෝයා බෝංචි රැගෙන යන බව එහි රියදුරුවරයා පවසා ඇතැයි වාර්තාවන අතර එය පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු පළා ගොස් ඇත.

පසුව ඔහු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

line
line

වුලී මැමත් සතුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් මීට වසර 10,500 පෙර මිය ගොස් ඇති අතර, මිනිසුන්ගේ දඩයමට ලක් වීම සහ පාරිසරික වෙනස්කම් හමුවේ එම සතුන් වඳවී ගොස් ඇති බව විද්‍යාඥයෝ පවසති.