තුර්කි ජනමත විමසුම : එර්දොවාන්ට තවත් වසර 12ක් ?

ඡායාරූප මූලාශ්‍රය, Adam Altania/AFP/Getty
අප්‍රියෙල් 16 හෙට ඉරිදා පැවැත්වෙන තුර්කි ජනමතවිචාරණය සඳහාවූ ප්‍රචාරක කටයුතු අද (අප්‍රේල් 15) අවසන් වීමට නියමිතයි.
තුර්කි ජනාධිපති රෙචීප් තයියප් එර්දොවාන් ගේ විධායක බලතල වැඩිකෙරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් එරට ජනතාව මෙම ජනමත විචාරණයේදී තම කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කරනු ඇත.
ජනාධිපතිවරයා තුර්කි වේලාවෙන් අද දහවල් 12.30 ට ඔහුගේ අවසන් ප්‍රචාරක රැළිය ඇමතීය.
තවත් වසර දොළහක් බලයේ රැඳී සිටීම සඳහා මඟ සැලසෙන මෙම ජනමත විචාරණයෙන් තමා ජය ගන්නා බවට ජනාධිපති එර්දොවාන් විශ්වාසය පළකරයි.
ජනමතවිචාරණයේ දී ලබන එම ජයග්‍රහණය තුර්කියේ කලක් පවතින දේශපාලන අස්ථාවරභාවයට පිළියමක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.
මේ අතර ජනාධිපති එර්දොවාන් ඔහුගේ නිල කාලය දීර්ඝ කරගනු ලැබීම සඳහා ගන්නා උත්සාහයට එරෙහිවන කණ්ඩායම් එමගින් තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය බිඳවැටී ඒකාධිපතිත්වයක් මතුවිය හැකි බවට බිය පළ කරති.
ජනමතවිචාරණය ප්‍රතිපලය කල්තබා කිව නොහැකි මට්ටමින් ඉතා තියුණු මට්ටමක පවතින බව සමීක්ෂණ වලින් හෙළි වී ඇත.























