දෙදහසක් පවුල් කුන්දුෂ් හැර පළායති

කුන්දුෂ් හැර පළා යමින්-සංරක්ෂිත ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, කුන්දුෂ් හැර පළා යමින්-සංරක්ෂිත ඡායාරූපයකි
Published

දින දෙකක් තිස්සේ සිදු වෙමින් පවතින දරුණු ගැටුම් හමුවේ 'කුන්දුෂ්' උතුරු නගරයේ පවුල් දෙදහසක පමණ ජනතාවට සිය ගේ දොර හැරදමා පළා යාමට සිදුව ඇතැයි ඇෆ්ඝන් නිලධාරීහු පවසති.

ඇෆ්ඝන් ආරක්ෂක හමුදා සහ තාලිබාන් ප්‍රහාරකයන් අතර සිදුවෙන එම ගැටුම් ප්‍රදේශයේ මහජන ජීවිතය සහමුලින්ම අඩාල කිරීමට හේතු වී ඇත.

ඊයේ සෙනසුරාදා (මැයි 06) 'කුන්දුෂ්' ප්‍රාදේශීය අගනුවර ආසන්නයේ පිහිටි ක්වාලාඉ-සාල් (Qala-e-Zal ) ප්‍රදේශය තාලිබාන් ව්‍යාපාරය අතට පත්විය.

නගරය රැක ගැනීමේ ඇෆ්ඝන් ආණ්ඩුවේ ප්‍රයත්නය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නගරය රැක ගැනීමේ ඇෆ්ඝන් ආණ්ඩුවේ ප්‍රයත්නය

කුන්දුෂ් නගරයේ තවත් භූමිය අල්ලා ගැනීම සඳහා තාලිබාන් ව්‍යාපාරය ප්‍රහාර එල්ල කරත්ම වෙනත් කලාප වලත් සටන් දිග්ගැසෙමින් ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසරේ (2016) ගැටුම් නිසා හය ලක්ෂයකට අධික ඇෆ්ඝන් ජනකායකට උන්හිටිතැන් අහිමි වූ බව ඇමෙරිකානු වාර්තාවක් මගින් පැවසෙයි.

එය 2015 වසරට සාපේක්ෂව අනාථ ජන සංඛ්‍යාව 40% කින් වැඩි වීමකි.

කුන්දුෂ් වාසීන් ජීවිතාරක්ෂාව පතා ගමනේ-සංරක්ෂිත ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, කුන්දුෂ් වාසීන් ජීවිතාරක්ෂාව පතා ගමනේ-සංරක්ෂිත ඡායාරූපයකි