වායු දූෂණය නිසා ලුම්බිණියට තර්ජනයක් !

වීඩියෝ ශීර්ෂ වැකිය, බුදුන් උපන් ලුම්බිණියට තර්ජනයක් !
Published

බුදුරජාණන් වහන්සේ උපන් බිම වායු දූෂණය හේතුවෙන් බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයින් මෙන්ම බලධාරීහු ද පවසති.

නේපාලය පුරා ඇති වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවලින් රැස්කර ගන්නා ලද දත්තවලින් කියවෙන්නේ ලුම්බිණිය ඉහළ වායු දූෂණයකට ලක්ව ඇති බවය.

පුදබිම ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක කර්මාන්ත ව්‍යාප්තිය මැද මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරිණි.