“සාකච්ඡාවට මාවත මිසයිල් නොවෙයි”- කිම් ජොන් අන්ට අනතුරු ඇඟවීමක්

කිම් ජොන් අන් පීඩනෝන්මාදයෙන් පෙළෙන්නකු බවට ඇමෙරිකාව චෝදනා කරයි
ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන් අන් පීඩනෝන්මාදයෙන් පෙළෙන්නකු බවට ඇමෙරිකාව චෝදනා කරයි
Published

වොෂින්ටනය සමඟ සාකච්ඡා සඳහා අවතීර්ණ වීමට ඇති මාවත මිසයිල් නොවන බවට එක්සත් ජනපදය උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරන නිකී හේලේ (Nikki Haley) ප්‍රකාශයක් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන්(Kim Jong-un) 'පීඩනෝන්මාදයෙන් පෙළෙන්නකු' හැටියට චෝදනා කළාය.

ඇමෙරිකානු නියෝජිතවරිය එම ප්‍රකාශය කළේ උතුරු කොරියාව විසින් අලුතින්ම අත්හදා බලන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් පසුවයි.

මේ තත්වය යටතේ වොෂින්ටනය උතුරු කොරියානු පාලනයට එරෙහිව ගෙන යමින් ඇති පීඩනය දිගටම දැඩි කරන බවට ඇය අනතුරු ඇඟවීමක්ද කරයි.

කොන්දේසි සපුරන තෙක් ඔහු සමඟ හින්දගන්නේ නැහැ-නිකී හේලේ
ඡායාරූප ශීර්ෂ වැකිය, කොන්දේසි සපුරන තෙක් ඔහු සමඟ හින්දගන්නේ නැහැ-නිකී හේලේ

ඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් කාලවලට වඩා චීනයත් සමඟ දැන් යහපත් සබඳතා පවත්වා ගනිමින් සිටින බව කියා සිටි ඇමෙරිකානු නියෝජිතවරිය සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව උතුරු කොරියාව හුදෙකලා කරනු ඇතැයි ද සඳහන් කළාය.

කිලෝමීටර් දෙදහසකට අධික දුරක් ගමන්ගත් උතුරු කොරියානු නව මිසයිලය ඔවුන් මින්පෙර අත්හදා බලන ලද මිසයිල වලට වඩා සහමුලින්ම වෙනස් අමුතු මිසයිලයක් විය හැකිබව ජපානය පවසයි.

කිම් ජොන් අන් පාලනය විසින් දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් දවස් කීපයකට පසුව සිදු කරන ලද නව මිසයිල අත්හදා බැලීම නව ජනාධිපතිවරයාට දුන් පණිවුඩයක් ලෙස සැලකෙයි.

කුපිත කිරීමක්

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ දකුණු කොරියාවේ නව ජනාධිපති මූන් ජේ-ඉන් (Moon Jae-in) එම ක්‍රියාව විග්‍රහ කළේ 'තේරුමක් නොමැති කුපිත කිරීමක්' හැටියටයි.

නව මිසයිලය දකුණු කොරියානු නව නායකයාට දුන් පණිවුඩයක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නව මිසයිලය දකුණු කොරියානු නව නායකයාට දුන් පණිවුඩයක් ද?

'මීට මැදිහත් වීමෙන් තොරව කටයුතු කරන මෙන්' චීනයෙන් ඉල්ලා සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක ක්‍රියාවට නංවන මෙන් ඉල්ලීමක් ද කරයි.

උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය තමන්ට "ගෞරවයක්" වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

සාකච්ඡා නැහැ

"ඔහු හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම හරි මොහොතේ, හරි තත්වයන් යටතේ ඔහු හමුවෙනවා. එය මට ගෞරවයක් වේවි."ජනාධිපති ට්‍රම්ප් 'බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ සාකච්ඡාවකදී සඳහන් කළේය.

මිසයිලයේ ගමන්මග
ඡායාරූප ශීර්ෂ වැකිය, මිසයිලයේ ගමන්මග

එහෙත් මිසයිල පුපුරවන තෙක් එවැනි හමුවකට ඉඩක් නැතිබව නිකී හලේ(Nikki Haley) කියා සිටියි.

"ඔහු (කිම් ජොන් අන් ) අපේ කොන්දේසි සපුරන තෙක් අපි ඔහුත් සමඟ හිඳ ගන්නේ නැහැ" ඇය පවසන්නීය.