අවුරුදු එකසිය එකයි: ගුවනේ කිමිදීමට වයස බාධාවක් නොවේ

වීඩියෝ ශීර්ෂ වැකිය, අවුරුදු එකසිය එකයි: ගුවනේ කිමිද වාර්තා තබයි
Published

ගුවන් කිමිදුම් (skydiving) වටයක් සාර්ථකව නිම කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොතට එක් වීමට එකසිය එක් හැවිරිදි පුද්ගලයෙකු සමත් විය.

බ්‍රයිසන් විලියම් වර්ඩන් හෙයිස් එංගලන්තයේ ඩෙවෝන් ගුවනේ කිමිදුණේ පරම්පරා හතරකට අයත් සිය පවුලේ සාමාජිකයන් දස දෙනෙකු ද සමගිනි.

දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ ඔහු විශ්‍රාමික හමුදා සෙබළෙකි.