නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ

ඡායාරූප මූලාශ්‍රය, AFP
නේටෝ හමුදාවේ සාමාජික රටවල් සමඟ සාකච්ඡා සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසල්ස් නුවරට පැමිණියේය.
ජනාධිපති ට්‍රම්ප් සමඟ සංචාරයට එක්ව සිටින ඔහුගේ කණ්ඩායම පවසන්නේ මෙම සාකච්ඡා "දැඩි" වනු ඇති බවය.
එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා අද (මැයි 25) යුරෝපා හවුලේ බලධාරීන්ද හමුවීමට නියමිතය.
මීට පෙර නේටෝ සංවිධානය මෙන්ම යුරෝපා හවුලද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වී තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා නේටෝ සංවිධානයේ සම්පත් කැප කළයුතු බව ඔහු පවසයි.
ඒ සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය නොඅඩුව ලබා ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් සාමාජික රටවලට දැඩි බලපෑමක් ඇති කරනු ලබන බවට විශ්වාස කෙරේ.
මේ අතරතුර එක්සත් ජනපදයට මිත්‍ර රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ කැපවීම තහවුරු කරගැනීම යුරෝපා නායකයන්ගේ අවශ්‍යතාව වී තිබේ.
බ්‍රසල්ස් නුවරට පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ බෙල්ජියමේ රජු සහ බිසව හමුවිය.
මේ අතරතුර ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව බ්‍රසල්ස් නුවර මධ්‍යයේ විරෝධතා දියත්වෙමින් තිබුණි.



























