පියයුරු සැත්කම්: වෛද්‍යවරයාට සිර දඬුවම්

පියයුරු සැත්කම්
Published

අනවශ්‍ය පරිදි පියයුරු සැත්කම් සිදුකළ බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍යවරයෙකුට වසර පහළොවක සිර දඬුවමක් නියම වෙයි.

59 හැවිරිදි ශල්‍ය වෛද්‍ය ඉයන් පීටර්සන් විසින් කාන්තාවන් නවදෙනෙකු සහ එක් පුරුෂයෙකු සැත්කම්වලට භාජනය කරනු ලැබ ඇත්තේ ඔවුනට පියයුරු පිළිකා වැළඳී ඇති බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමිනි.

මෙම වෛද්‍යවරයාට එරෙහිව ගොනුකළ නඩු විභාගයක දී සනාථ වී ඇත්තේ අවස්ථා 17කදී හිතාමතා තුවාල සිදුකර ඇති බවය.

ඊට අමතරව තුන් වතාවක් නීතිවිරෝධී ලෙස තුවාල සිදුකර ඇති බව ද අධිකරණයේදී ඔප්පු වී තිබේ.

ශල්‍ය වෛද්‍ය ඉයන් පීටර්සන්

ඡායාරූප මූලාශ්‍රය, SWNS

ඡායාරූප ශීර්ෂ වැකිය, ශල්‍ය වෛද්‍ය ඉයන් පීටර්සන්

"මුදල් ලබා ගැනීමේ පහත් චේතනාවෙන්" මෙම වෛද්‍යවරයා ක්‍රියා කර ඇතිබව අධිකරණයට පැමිණිලි කර තිබුණි.

මෙම නඩු විභාගයේදී තොරතුරු ලබාදුන් වින්දිතයන් දසදෙනාට සැත්කම් සිදුකර ඇත්තේ වසර 1997ත් 2011ත් අතර කාලය තුළදී ය. සියලු සැත්කම් සිදුකර ඇත්තේ එංගලන්තයේ පෞද්ගලික රෝහලකදී ය.