ඇෆ්ගනිස්තානයේ කාර් බෝම්බයකට හසුව තිස් හතරක් මරුට

The bombing came near the end of the holy month of Ramadan

ඡායාරූප මූලාශ්‍රය, EPA

Published

හෙල්මන්ඩ් පළාතේ කාර් බෝම්බයකට හසු වීමෙන් පුද්ගලයන් තිස් හතර දෙනෙකු මරණයට පත්ව ඇති බව ඇෆ්ගනිස්තාන බලධාරීහු පවසති.

එම පළාතේ ප්‍රධාන නගරය වන ලක්ෂර් ඝා හි බැංකු ගොඩනැගිල්ලක් අසල පුපුරා ගිය බෝම්බයට හසුව තවත් හැට දෙනෙකු තුවාල ලබා ඇති බව රෝහල් බලධාරීහු කියා සිටියහ.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මරණයට පත් වූවන්ගෙන් වැඩි දෙනෙකු ඊද් උත්සවය වෙනුවෙන් භාණ්ඩ මිල දී ගැනීමට නගරයට පැමිණි පුද්ගලයන් බවය.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිය වේතන ලබා ගැනීම සඳහා බැංකු ගොඩනැගිල්ල අසල විශාල පිරිසක් පෝලිම් ගැසී සිටියහ.

"ප්‍රහාරයට හසුව මිය ගිය සහ තුවාල ලැබූ ළමුන් බොහෝ දෙනෙකු මම දැක්කා" යනුවෙන් ඒ අසල සිටි පුද්ගලයෙකු ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේය.

හෙල්මන්ඩ් පළාතේ ප්‍රහාර එල්ල කරමින් සිටින තාලිබාන් සංවිධානය එහි වගකීම භාර ගෙන තිබේ.