IS සිර මැදිරියකට ගුවන් ප්‍රහාරයක්; "60 දෙනෙකු මරණයට"

ඡායාරූප මූලාශ්‍රය, US AIR FORCE/SRA JORDAN CASTELAN
සිරියාවේ IS කැරලිකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන බන්ධනාගාරයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 60දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව ක්‍රියාකාරකයෝ පවසති.
ඔවුන් කියා සිටින්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා මගින් එල්ල කළ බවට සැක කෙරෙන බවය.
සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි මෙම සිර මැදිරියට ඊයේ (ජුනි 26) එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් 42 දෙනෙකු සහ IS කැරලිකරුවන් 15 දෙනෙකු මරණයට පත්වී ඇති බව සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය සඳහන් කරයි.

සිරියානු මාධ්‍ය සඳහන් කරන්නේ මෙම බන්ධනාගාරය තුළ IS විරෝධී සටන්කරුවන්ට අමතරව සාමාන්‍ය වැසියන් ද රඳවා සිටි බවය.
මෙම ගුවන් ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්ට හානි සිදු වූ බවට පළවන වාර්තා පිළිබඳව විමර්ශනය කරන බව ඒකාබද්ධ හමුදා ප්‍රකාශකයෙකු පැවසීය.























