ලන්ඩනයේ යළිත් ගින්නක්

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඡායාරූප මූලාශ්‍රය, Luis DjLauk

Published

උතුරු ලන්ඩනයේ ජනප්‍රිය සංචාරක ස්ථානයක්වන ලොක් මාකට් හිදී ඊයේ (ජුනි 09) රාත්‍රී පුරා ගින්නක් හට ගැනිණි.

ගින්න "වේගයෙන් පැතිරී ගියා" යැයි සිද්ධිය ඇසින් දුටුවන් පැවසු අතර අවට ගොඩනැගිලිවල පිපිරීමක් හටගනු ඇතැයි බිය පළවිය.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ගිනි නිවන රථ 10 ක් සහ ගිනි නිවන භටයින් 70ක් පමණ එම ස්ථානයට යැවූ බව ලන්ඩන් ගිනි නිවීම් සේවය පැවසු අතර ලන්ඩන් ගිලන් රථ සේවය පැවසුවේ කිසිදු රෝගියකුට ප්‍රතිකාර කිරීමක යෙදීමේ අවශ්‍යතාවක් නොපැවතියද, තමන් එම ස්ථානයේ රැදී සිටින බවය.

අලුයම 3 පමණ වන විට ගින්න මැඩ පැවැත්වූ බව ලන්ඩන් ගිනි නිවීම් සේවය පැවසීය.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මෑත වසර කිහිපය තුළදී මීට පෙර අවස්ථා දෙකකදී විශාල ගිනිගැනීම් මේ අවටින් වාර්තාවී තිබිණි.

2008 පෙබරවාරි 8 වෙනිදා හටගත් ගින්නෙන් සාප්පු 6 ක් සහ වෙළෙඳ කුටි 90ක් විනාශ විය.

2014 වසරේදී ස්ටේබල් මාකට් හි ඇතිවූ ගින්න හේතුවෙන් පුද්ගලයින් 600ක් පමණ එයින් පළා ගියහ.