ගුජරාට් ප්‍රාන්තයේ 200ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ගංවතුරට ගොදුරු වී 218 දෙනෙකු මරණයට පත් වී ඇති බව රජයේ බලධාරීහු නිල වශයෙන් තහවුරු කළහ.
මීට ඉහත දී ප්‍රකාශයට පත් වී තිබුණු මරණ සංඛ්‍යාව දින දෙකක් ඇතුළත දෙගුණයක් බවට පත් වුයේ ජල මට්ටම අඩුවෙමින් පවතිද්දී තවත් මල සිරුරු සියයකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමත් සමඟය.
ජාල ගැල්ම හේතුවෙන් 450,000ක් පමණ අවතැන් වී ඇති බවට බලධාරීහු තක්සේරු කරති.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත මෝසම් වර්ෂාව ප්‍රාන්ත 20කට පමණ දැඩි බලපෑම් කර තිබේ.
ඉන්දියාවේ උතුරුකරයේ අසාම් ප්‍රාන්තයේ ද විශාල පිරිසක් මරණයට පත්වී ලක්ෂ ගණනක් අවතැන් වී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට (අගෝස්තු 02) අසාම් ප්‍රාන්තයේ සංචාරය කිරීමට නියමිතය.
අසාම් ප්‍රාන්තය සාම වසරකම මුහුණ දෙන මෙම ගංවතුර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීම මෙම සංචාරයේ අරමුණ බව අගමැති මෝදි ප්‍රකාශ කළේය.
























