රෝස පන්දුව: ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළ කළ අදහස්

වීඩියෝ ශීර්ෂ වැකිය, රෝස පන්දුව: ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළ කළ අදහස්
Published

සාමාන්‍ය රතු පන්දුවට වඩා රෝස පැහැති පන්දුව වේග පන්දු යවන්නට වාසි දායක බවටත් රාත්‍රි කාලයේ පන්දුව දෝලනය විය හැකි බවටත් මතයක් තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු දිවා රාත්‍රි රෝස පන්දු පුහුණු සැසියෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද කියා සිටියේ වේග පන්දු යවන්නට වැඩි වාසියක් ඇති ආකාරයක් එහි පෙනෙන්නට තිබෙන බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද ඊට සමාන අදහසක් පළ කරමින් කියා සිටියේ රෝස පැහැති පන්දුව වේග පන්දු යවන්නට වාසි දායක වනු ඇති පෙනෙන්නට ඇති බවය.