මැලේසියාවේ සුල්තාන්වරු ආගමික සහජීවනය වෙනුවෙන්

ඡායාරූප මූලාශ්‍රය, Hasnoor hussain
ඉස්ලාම් ධර්මයේ නාමයෙන් අනුගමනය කෙරෙන සමාජය භේදභින්න වීමට හේතුවිය හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැලේසියාවේ රාජකීය සුල්තාන්වරුන් නවදෙනෙක් ඔවුන්ගේ කණස්සල්ල පළ කරති.
එම පියවර ගත් සුල්තාන්වරුන් මැලේසියාවේ ප්‍රාන්ත පාලනයේ නාමික විධායක තත්වයේ පසුවෙන ප්‍රාදේශීය නායකයෝ වෙති.
ඇතැමුන් ඉස්ලාම් ධර්මයේ නාමයෙන් කරන ක්‍රියා රටේ එකමුතු භාවයට සහ ආගමික සහජීවනයට හානිකර බව එම සුල්තාන්වරු පෙන්වා දෙති.
ජොහෝර් (johor) සහ පෙර්ලිස් (Perlis) යන මැලේසියානු ප්‍රාන්ත දෙකේ රෙදි සෝදන වාණිජ මධ්‍යස්ථාන මුස්ලිම් නොවන ජනතාවට පසුගියදා තහනමක් පනවා තිබුණ අතර එය සුළු ජාතික ගනුදෙනු කරුවන් දුෂ්කර තත්වයකට පත්වීමට හේතු විය.
එහෙත් සුල්තාන්වරුන් විසින් එම ක්‍රියාව හෙළා දකිනු ලැබීමෙන් අනතුරුව එම රෙදි සෝදන පොදු මධ්‍යස්ථාන දැන් සුළුජන කොටස්වලට යළිත් විවෘත කරනු ලැබ ඇත.
මැලේසියාවේ ප්‍රධාන ආගම ඉස්ලාම් දහම වන අතර බෞද්ධ ,හින්දු සහ ක්‍රිස්තියානි ආගම් අදහන ජනතාවත් එරට ජන සංයුතියේ එක්තරා තැනක් හිමිකර ගනිති.
මැලේසියානු ආණ්ඩුවේ ජන සංගණන වාර්තා අනුව සමස්ත ජනගහනයෙන් 61% ඉස්ලාම් දහම අදහන අතර 19.8% බෞද්ධයෝ වෙති.
ඊට අමතරව 9.2% ක් ක්‍රිස්තියානි වන අතර 6.2%ක් හින්දු සමය අදහති.
තවත් 3.4% ක් සෙසු ආගම්වලට අයත් වෙති.
ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී සිටින මැලේසියානු සුල්තාන්වරු සෙසු ආගම්වලට ගරු කරන ලෙස ඉස්ලාම් භක්තිකයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
සබැඳි පුවත්;



























