රොබට් මුගාබේ ජාතිය ඇමතීමට සැරසේ
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ජාතිය ඇමතීමට සැරසෙමින් සිටින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරිදා පාලක සානු-පීඑෆ් පක්ෂයේ නායකත්වයෙන් පහ කරනු ලැබීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද මුණගැසුණු ජනාධිපතිවරයා එහිදී විශේෂ නිවේදනයක් කිරීමට නියමිතය.
ජාතිය ඇමතීම වෙනුවෙන් තමන් සමග රැඳී සිටින්නැයි මුලින් විශේෂ නිවේදනයක් කළ රාජ්‍ය රූපවාහිනිය ඉන් අනතුරුව සවස ප්‍රවෘත්ති විකාශය කළේය. (ලන්ඩන් වේලාවෙන්)
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
18:15 - ජනපති පදවියෙන් ඉල්ලා අස් නොවන්නේ නම් දෝෂාභියෝගයකට මුහුණදීමට සිදුවනු ඇතැයි පක්ෂ නායකයන් දැනුම් දීමෙන් අනතුරුව ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව බ්ලූම්බර්ග් පුවත් ආයතනය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රොබට් මුගාබේ ගේ ඉතිහාසය කෙටියෙන් :
1924: ස්විම්බා දිස්ත්‍රික්කයේ උපත ලැබීය. පසුව ගුරුවරයෙකු ලෙසින් පුහුණුව ලැබීය.
1964: රොඩේෂියා ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබීම
1980: නිදහසින් පසුව රටේ පළමු මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීම
1996: ග්‍රේස් මරුෆු සමග විවාහවීම
2000: ජනමත විචාරණයෙන් පරාජය වීම. මුගාබේ වාදී සන්නද්ධ කණ්ඩායම් සුදු ජාතිකයන්ගේ ගොවිපොළ ආක්‍රමණය කරති
2008: ජනපතිවරණයේ පළමු වටයේදී මෝගන් චන්ගිරායිට පරාජය වෙයි. එහෙත් සිය ආධාරකරුවන්ට ප්‍රහාර එල්ලවීම හමුවේ චන්ගිරායි මැතිවරණයේ දෙවැනි වටයෙන් ඉවත්වෙයි
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
17:45 - පදවියෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.
17:25 - රොබට් මුගාබේ ගේ ජාතිය ඇමතීම වෙනුවෙන් රැඳී සිටින්නැයි ZBC රාජ්‍ය මාධ්‍ය ආයතනය සිය ග්‍රාහකයන්ගෙන් ඉල්ලයි.

ඡායාරූප මූලාශ්‍රය, zbc
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ඉතා ඉක්මනින්ම ජාතිය ඇමතීමට සූදානම් වෙමින් සිටින බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.
පදවියෙන් ඉල්ලා අස් වන මෙන් හමුදා නායකයන්, ඔහුගේ සානු-පීඑෆ් පක්ෂයේ නායකයන් සහ සෙනසුරාදා විදී බට දස දහස් සංඛ්‍යාත මහජනතාව ද ඉල්ලා සිටිති.
ඉරිදා රැස් වූ පාලක සානු-පීඑෆ් පක්ෂය ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කළ අතර, ඒ වෙනුවට හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගග්වා (Emmerson Mnangagwa) පක්ෂ නායකත්වයට පත්කිරීමට තීරණය කළේය.
ඒ අතරම සඳුදා උදෑසන 10 වන විට ජනාධිපති පදවියෙන් ඉල්ලා අස් නොවන්නේ නම් රොබට් මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බව ද පක්ෂ නායකයෝ නිවේදනය කළහ.
සබැඳි යොමු:
පාලක පක්ෂයේ රැස්වීමෙන් අනතුරුව ඔහු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සිය නිල නිවාසයේ දී මුණගැසුණු බව The Herald පුවත්පත ඡායාරූප ද සහිතව වාර්තා කර තිබුණි.
ඔහු හමුදා ජනරාල්වරුන් සමග අතට අත දෙන ආකාරය ද එම ඡායාරූපවල දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters




























