ඔක්ස්ෆර්ඩ් සර්කස් : "සැකකරුවන් හෝ තුවාලකරුවන්ගේ සලකුණක් නැහැ" - ලන්ඩන් පොලිසිය

ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් සර්කස් උමං දුම්රියපොළ අසළින් වාර්තාවූ තත්ත්වය සමනය වී ඇති අතර කිසිදු සැකකරුවෙකු හෝ තුවාලකරුවන් ගැන තොරතුරු නැති බව ලන්ඩන් නාගරික පොලිසිය කියයි.
මතුවූ තත්ත්වය හමුවේ වසා දැමුණු ඔක්ස්ෆර්ඩ් සර්කස් හා බොන්ඩ් ස්ට්‍රීට් යන දුම්රිය ස්ථාන දෙක යළි විවෘත කෙරිණි.
'වෙඩි හඬක්' ඇසුණු බවට කියවුණු තොරතුරුවලට අදාළ කිසිදු සාක්ෂියක් හමු නොවූ බව ද පොලීසිය කියා සිටියේය.
ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් සර්කස් උමං දුම්රියපොළ අසලින් වාර්තාවූ කිසියම් සිදුවීමක් හේතුවෙන් ඒ වෙත සිය නිලධාරීන් යොමු කළ බව ලන්ඩන් නාගරික පොලිසිය මීට පෙර පැවසීය.
එසේම පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටියේ අදාළ ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙසය.
ඔක්ස්ෆර්ඩ් සර්කස් උමං දුම්රියපොළ ද පිහිටි ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් වීදිය යුරෝපයේ කාර්ය බහුල සාප්පු සවාරි ස්ථාන අතරින් එකකි.

සාප්පු සවාරියේ යෙදුනු පුද්ගලයින් ඇතුළුව විශාල පිරිසකගෙන් ඔක්ස්ෆර්ඩ් සර්කස් ප්‍රදේශය අද පිරී පැවතිණි.
වාර්තා වූ එම තත්ත්වය හමුවේ ඔක්ස්ෆර්ඩ් සර්කස් හා බොන්ඩ් ස්ට්‍රීට් යන උමං දුම්රියපොළ දෙක වසා දමන ලදී.

සිද්ධිය හටගැනීමත් සමග ප්‍රදේශයේ පුද්ගලයින් දිව යාම නිසා ඇතැමුන් තෙරපුණු බව බීබීසී වාර්තාකාරිනියක පැවසුවාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
සිද්ධිය වාර්තා වීමත් සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ලන්ඩන් නාගරික පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටියේ ඔක්ස්ෆර්ඩ් වීදියේ තවදුරටත් රැදී සිටින්නේ නම් ගොඩනැගිල්ලක් තුළට ඇතුළුව නැවත දැනුම් දෙන තුරු එහි සිටින ලෙසය.



























